laravel install කරන්නේ කොහොමද?

ආයුබෝවන්,

අද මම කථා කරන්නේ Laravel කියන php framework එක ගැන,
          Laravel යනු Taylor Otwell විසින් නිර්මාණය කරන ලද නිදහස් විවෘත PHP  framework එකක්(free, open-source PHP web framework).මේ Framework එක භාවිතයට ඉතා පහසු framework එකක් විදියට හදුන්වා දෙන්න පුළුවන්.ඉදිරියේදී අපි බලමු ඇයි කියලා.
laravel කියන්නේ model-view-controller architecture(MVC architecture) සැකැස්ම අනුගමනය කරමින් සහ සිම්ෆෝනි(Symfony -High Performance PHP Framework for Web Development) මත පදනම්ව වෙබ් යෙදුම්  සංවර්ධනය කිරීමට සඳහා සාදන ලද Framework එකක්. laravel 5.7 තමා නවතම Laravel සංස්කරනය.



අපි බලමු කොහොමද laravel install කරන්නේ  කියලා.....

මෙම පරිච්ඡේදයේදී, XAMPP භාවිතයෙන් වින්ඩෝස් මත laravel 5.6 ස්ථාපනය කරන්නේ කොහොමද කියලා බලමු.
          Laravel 5.6 install කරන්න PHP verison 7.1.3 හෝ ඊට වැඩි version  අවශ්ය එකක් වේ. එබැවින් Windows 7, Windows 8.1, Windows 10 හි  PHP verison 7.1.3+ ස්ථාපනය කර ඇති බවට වග බලා ගන්න. තවද Composer( PHP package manager) ඔබට අවශ්ය වේ.

Install XAMPP
 


මේ linkඑකෙන්  මේ page එකට යන්න. Download button එක click කර පහත page එකට යන්න.



ඔයාගේ මෙහෙයුම් පද්ධතිය අනුව නිවරදී version download කර ගන්න. ඉන් පසු සුපුරුදු අයුරින් එය install කර ගන්න.

. 





Install Composer

          මේ link එකෙන් download කර ගන්න පුළුවන් ඔයාලට.


නිවරදී version download කර ගන්න.ඉන් පසු සුපුරුදු අයුරින් එය install කර ගන්න පුළුවන් ඉතාම ලෙහෙසියෙන් අවශ් නම් Documentation භාවිතයෙන් වැඩ්දුර අවබෝධයක් ගන්න පුලුවන්. හරියට install උනා නම් cmd/power shell එකේ "composer -v" කියලා type කරාම මේ වගේ තියෙන්නොන.

ඔයාගේ පලවෙනි laravel project ඒක create කරමු.

                     සාමාන්යෙන් laravel project හදන්නේ C:\xampp\htdocs කියන address එකේ, folder එකට ගිහින් shift එක click කරන් mouse එකේ right click කරලා “open power shell windows here” option එකෙන් එතනම power shell/cmd එකක් openකරගන්න පුළුවන්(cd ගහගහ folder එක තියෙන තැනට යන්නොන නැ).
දැන් power shell එකේcomposer create-project --prefer-dist laravel/laravel app1"
Project එකේ නම “app1” අනිත් command default type කරන ඒවා.
හරියට create උනොත් අන්තිමට ටික වෙලාවකින් මේ විදියට display වෙන්නෝන “Successfully” කියලා. හැම වෙලේම අලුත් project එකක් create කරදදී මේ විදියට කරන එක වදයක් නිසා මම නම් fresh project එකට additinal copy එකක් තියන් ඉන්නවා.ඔයාලත් කැමති නම් එහෙම කරන්න.
ඊට පස්සේ “cd” command  use කරලා app1 folder එක ඇතුලට යන්න.”php artisan serve command එක use කරලා localhost එකේ project එක run කර ගන්න පුළුවන්  link (“http://127.0.0.1:8000/”)එක copy කරලා කැමති browser එකකින් open  කර ගන්න පුළුවන්.
 

මේ විදියට තමා ඔයාගේ 1st project එක open වෙන්නේ.


ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා ප්‍රශ්ණ තියෙනවා නං comment කරන්න.Thank you!

Rehan jananga,
Undergraduate,
University of moratuwa

Comments