Angular install කරන්නේ කොහොමද?

සුබ දවසක් සියලුම දෙනාට.
අද අපි බලමු angular framework එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා.angular කියන්නේ java script frame workඑකක්.ඒ කියන්නේ java script වෙනුවට අපිට ලේසියෙන් පාවිච්චි කරන්ඩ පුළුවන් වෙනම ක්‍රමයක්. දැන් ගොඩක් develop වුණ angular version තියනවා.අලුත්ම version එක තමයි angular6. version අතර ලොකු වෙනස්කම් නැහැ.එක එක features add වෙලා තියනවා විතරයි.
අපි බලමු කොහොමද angular6 project එකක් හදාගන්නේ කියල.
මෙතනින්  angular home page එකට ගිහින් angular ගැන වැඩි විස්තර බලාගන්න පුළුවන්.
 



අපි project එක හදාගන්න කලින් තියෙන්න ඕනේ දේවල් ටිකක් තියනවා.
  • ·           angular CLI
  • ·            node js

අපිට angular CLI  එක install කර ගන්නනම් npm (node package manager) තියෙන්න ඕනේ.එකට අපිට node js machine එක install කර ගන්න ඕනේ.
මේ ලින්ක් එකෙන්(node js) LTS හරි  Current version එක හරි install කරගන්න පුළුවන්.
 








ඊලඟට  cmd එකට ගිහින් node-v  command එකෙන්   node version එක  check කරගන්න.  හරියට version එකක් පෙන්නනවනන් ඔයාලගේ machine එකේ node install වෙලා තියනවා.
 




දැන් පහළ තියන command එක cmd එකට copy කරලා  angular CLI එක global විදිහට install කරගන්න.

npm install –g @angular/cli

මේ වැඩේට ට්කක් වෙලා යනව සහ හොඳට wifi තියෙන්නත් ඕනේ.

දැන් අපිට පුළුවන් project එක හදන්න පටන් ගන්න. projectName තියන තැනට ඔයාලගේ project එකේ නම දාගන්න.
සැලකිය යුතු විශේෂ දෙයක් තමයි මෙතන ඉඳන් තියන හැම command එකක්ම  run  කරන්න ඕනේ ඔයාලාගේ  project එක save කරලා තියන location(folder path) එකට cmd එකෙන් ගිහින්.

                        ng new projectName

මේ වැඩේටත් ටිකක් වෙලා යනවා.
 





හරි දැන් අපිට project එක run කරන්න පුළුවන්.
                       
        ng serve –open

මේ command එක run වෙද්දී ඔයාගේ browser එකේ  localhost:4200 URL එකෙන් default angular front end එක open වෙනවා.
මේ page එක හැදිලා තියෙන්නේ ඔයාලා හොඳටම දන්න HTML,CSS,JavaScript වලින්ම තමයි.
ඔහොම තමයි ඕනේම angular project එකක් පටන් ගන්නේ.ඊලගට අපි බලමු තව parts කොහොමද මේකට add කරන්නේ කියලා.අපිට simple web pages වල ඉදං desktop application වගේ ලොකු project වලටත් යන්න පුළුවන්.  
අපි ඉස්සරහටත් මේ වගේ tute කරන්න බලාපොරොත්තු වෙනවා.දිගටම අපිත් එක්ක ඉන්න.ප්‍රශ්ණ තියනවනං comment කරන්න.
Thank you!

Ishani Dasanayake,
Undergraduate,
University of Moratuwa

Comments

  1. Hay, It would be grate, if you could explain bit more insight of the framework & how under layer thing works together

    ReplyDelete

Post a Comment