Node.js කියන්නෙ මොකක්ද ? කොහොමද Node.js ඔයාගෙ computer එකට setup කරගන්නෙ?


ආයුබෝවන් සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනාටම. ඔයාලා හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා FutureTechmo blog එකට.
මේ මගෙ පළවෙනි Blog post එක, මම මුල්ම Post  එකෙන් Node.js කියන්නෙ මොකක්ද , කොහොමද Node.js ඔයාගෙ computer එකට setup කරගන්නෙ කියලා.

අද වන විට ගොඩක් Developer ලා JavaScript යොදාගෙන තියන frameworks භාවිතා කරනවා  mobile & web application develop කරන්න. Hapi.js, Socket.io, Express.js, Mojito, Koa.js වග‌ේ ගොඩක් Framework ගොඩනැගෙන්නෙ Node.js පදනම් කරගෙන.
ගොඩක් අයගෙ තියන වැරදි තේරුම් ගැනීමක් තමයි, Node.js කියන්නෙ Framework  එකක් කියලා. ඒක වැරදි, Node.js කියන්නෙ server-side applications හා network applications  develop කරන්න හදපු open source, cross-platform runtime environment එකක්. Node.js ගොඩනගලා තියෙන්නෙ JavaScript යොදාගෙන.  

Node.js කියන runtime environment එක OS X, Microsoft Windows, and Linux වග‌ේ ගොඩක් මෙහෙමුම් පද්ධති තියන server වල වැඩ කරනවා. දැනට eBay, General Electric, GoDaddy, Microsoft, PayPal, Uber, Yahoo! වග‌ේ ගොඩක් ඒව Node.js භාවිතා කරනවා.

මම මීට වඩා Node.js ගැන විස්තර කරන්නෙ නෑ. අපි දැන් බලමු කොහොමද Node.js ඔයාගෙ computer එකට setup කරගන්නෙ කියලා.
මුලින්ම ඔයාලා මේ link (https://nodejs.org/en/) එකට ගිහින් Node msi  setup එක download කරගන්න.ඔයාලා downlad කරනකොට recommended version එක download කරගන්න. Download කරාට පස්සෙ ඒක install කරගන්න . Node msi file එක click කලාම ඔයාලට මේ වග‌ේ window එකක් පෙන‌ේවි.


මේකෙ පොඩි setup install එකක් තියෙන්නෙ. Installation එක ඉවරවෙලා finish click  කරාට පස්සෙ ඔයාගෙ computer එකට Node install වෙලා තියෙන්නෙ.
Node ඔයාගෙ computer එකට install කරන එක ගොඩක් වැදගත් මොකද Angular.js , React.js , React Native වග‌ේ ගොඩක් framework use කරන node package manager (npm) කියන package manager එක node එක්ක install වෙන නිසා.
දැන් අපි ඔයාගෙ  computer එකේ Node හරියට install වෙලාද කියලා බලමු.

ඔයාගෙ computer එකේ command prompt එක open කරලා ‘node –v’ කියලා type කරලා Enter key එක press කරන්න. ඔයාගෙ computer එක‌ේ හරියට Node install වෙලා තියනවනම්, install කරපු Node version එක command prompt එක‌ේ display වෙනවා.

Node install කරන post එක මම මෙතනින් නවත්තවා එහෙනම්. ඔයාලට  ප්‍රශ්ණ තියනව නම් පහලින් comment ඒකක් දාන්න.  තවත් අලුත් post එකකින් ඊළඟ පාර හමුවෙමු. Thank you!

Kelum Sampath Edirisinghe,
Undergraduate,
University of Moratuwa

Comments