React-native app එක phone එකට connect කරන්නෙ කොහොමද ?

ආයුබෝවන් සුබදවසක් වේවා ඔයාලා හැම දෙනාටම.
 
කලින් post එකෙන් මම කතා කරා emulator එකක් හදා ගෙන එහෙම නැත්තම් virtual device එකක් හදා ගෙන react-native app එක test කරන හැටි. අද මම කතා කරන්නේ ඔයාලගෙ phone එකටම ඒ කියන්නෙ original-device එකටම අපි මේ  හදන app එක connect කරන හැටි. 



මේකටත් node install කරලා තියෙන්න ඕන. මම හිතනවා ඔයාලා react-native එක්ක වැඩ කරන්න machine එක setup කර ගෙන ඇති කියලා. emulator  එක නම් connect කර ගෙන නැති උනත් කමක් නැ. මොකද emulator එකෙනුයි අද මේ කරන්න හදන දේනුයි දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ නිසා.
හරි අපි දැන් වැඩේ පටන් ගමු. 

මුලින්ම අපි Expo CLI එක install කර ගමු.

ඒකට command prompt එකෙ හරි shell එකෙ හරි

npm install -g expo-cli

 කියන command එක run කරන්න.

ඊට පස්සෙ තියෙන්නේ React Native project එකක් create කර ගන්න.

ඒකට expo init newProject command එක run කරන්න

මේ විදියට command එක run කරොත් ඔයාගෙ project එකෙ නම newProject. ඔයාලට කැමැති නමක් දා ගන්න පුලුවන් එතනට. ඊට පස්සෙ ඔයා හදා ගත්ත project folder එක ඇතුළට යන්න. ඒකට cd newProject command එක run කරන්න. 

ඊට පස්සෙ npm start කියලා run කරලා development server එක start කර ගන්න.

හරි දැන් ඔයාලා ඔයාලගෙ iOS phone  එකට  හරි  Android phone එකට හරි Expo

client app එක install කර ගන්න. 

Phone එකෙන් play store වලට  ගිහින් Expo client කියලා type කරාම ලේසියෙන්ම 
expo client app එක ඔයාලට install කර ගන්න පුලුවන්. ඒකෙන් වෙන්නෙ ඔයාලගෙ 
React Native project එකයි ඔයාගෙ Phone එකයි සමාන wireless network එකකින් 
connect කරන එක. 

ඊට පස්සෙ ඔයාගෙ phone එක Android එකක් නම්,

Expo app එක open කරලා “Scan QR Code” එක click කරන්න. ඊට පස්සෙ ඔයාගෙ 
terminal එකේ තියෙන QR code එක scan කරන්න.එතකොට QR code එක scan වෙලා 
ඔයාගෙ project එක ඔයාගෙ device එකෙ run වෙන්න පටන් ගන්නවා. මේකට හැබැයි 
පොඩ්ඩක් වෙලා යනවා.
 
ඔයාගෙ phone එක iPhone එකක් නම් හා  ඒක iOS 11 version එකේ නම් ඒකෙ අලුත් 
feature එකක් විදියට scan feature එක add කරලා තියෙනවා . ඒනිසා කලින් ක්‍රරපු විදියටම 
camera app එක open කරලා QR code එක scan කරලා Expo client app එක open 
කර ගන්න පුලුවන්. 
ඔයාගෙ එක iOS 11 version එකේ නෙවෙයි නම් මම කලින් කියපු ක්‍රමේ හරි යන්නෙ නැ. 
ඔයා Expo client app එක Open කරලා sign up/login වෙන්න. ඊට පස්සෙ ඔයාගෙ 
react-native project එක තියෙන directory එකෙන් තව terminal එකක් open කර ගෙන 
පහත command එක run කරන්න. 


මෙතන මතක තියා ගන්න ඕන දේ තමයි ඔයා මෙතන දෙන email එක ඔයා කලින් expo-app එකට sign in වෙද්දි දුන්න email එකට සමාන වෙන්න ඕන.
ඔයාලට වැඩි විස්තර ඕන නම් project එක run කරන terminal එකේ ඒ විස්තර තියෙනවා.

මේ විදියට ලේසියෙන්ම emulator එකක් use කරන්නෙ නැතුව react-native project එක 
test කරලා බලන්න පුලුවන්.
අදට එහෙනම් එච්චරයි. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා ප්‍රශ්ණ තියෙනවා නං comment කරන්න. තවත් අලුත් post එකකින් ඊළඟ පාර හමුවෙමු. සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. Thank you!

Sanduni Wickaramathunga,
Undergraduate,
University of moratuwa


Comments